රටේ ආර්ථිකය ගැන මහබැංකු අධිපතිගෙන් සතුටුදායක ආරංචියක්..

Nandalal Weerasinghe Sri Lanka
By Aruna Sep 12, 2022 04:13 AM GMT
Aruna

Aruna

Report

රටේ ආර්ථිකය තුළ ක්‍රමානුකූල ප්‍රගතියක් මේ වන විට දක්නට ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළා.

ඒ අනුව ඉදිරියේදී මුද්‍රණ කර්මාන්තය ද සාමාන්‍ය තත්වයෙන් පවත්වාගෙන යාමට හැකිවනු ඇති බවද මුද්‍රණ කර්මාන්තය නව තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතු බවද හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ, ශ‍්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ස්වර්ණපුස්තක සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.

‘මහ බැංකු අධිපතිවරයා ලෙස මෙතනට පැමිණ කතා කරන්න මට විෂය දැනීමක් ප්‍රවීණත්වයක් නෑ.

මම සාහිත්‍ය ගැන විද්වතෙක් නෙවෙයි.

මම ප්‍රතිපත්තියක් විදිහට නොදන්නා විෂයක් කතා කරන්න කැමති නෑ.

ඒ නිසා මම මුලින්ම මේ ආරාධනය ප්‍රතික්ෂේප කළා.

රටේ ආර්ථික ප්‍රශ්න ගැන සිතමින් සිටියදී මෙවන් සන්ධ්‍යාවක පේක්ෂකයෙකු ලෙස සහභාගි වීම හොඳ බව මෙතනට ආපසු මට සිතුනා’ යැයිද හෙතෙම එහිදී පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now