නාමල් රාජපක්ෂට එරෙහි නඩුවකට කොළඹ මහාධිකරණය අද ලබා දුන් නියෝගය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගවර්ස් කෝපරේට් සමාගමේ රුපියල් මිලියන 30ක මුදලක් ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට චෝදනා එල්ල විය.
නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම නඩුව සැප්තැම්බර් මස 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේ ය.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ අද (24) කැඳ වූ අවස්ථාවේ දී ය.
එය ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අතර පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් වී තිබිණ.
මීට පෙර විත්තියේ නීතිඥවරු විසින් දැනුම් දෙනු ලැබුවේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කිරීමට සූදානම් වන බවයි.
ඒ අනුව නඩුව සැප්තැම්බර් මස 13 වනදා නැවත කැඳවීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර එදින මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ද නියෝග කළේ ය.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)