නාමල් රාජපක්ෂ ගෙන් රනිල් සහ සජිත් ගැන විශේෂ හෙළිදරව්වක්..

Dinesh Gunawardena Namal Rajapaksa Ranil Wickremesinghe Sajith Premadasa Sri Lanka Podujana Peramuna
By Aruna Apr 22, 2023 11:42 PM GMT
Aruna

Aruna

Report

රනිල් වික්‍රමසිංහ මහතාට හා සජිත් ප්‍රේමදාස මහතාට හෙට දිනයේ එක් වී ආණ්ඩු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩකඩ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බවටත් දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසත් පත් කරන ලද්දේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විසින් බවද රාපක්ෂ මහතා පැවසීය.

එනිසා ඕනෑම අයෙකුට ආණ්ඩුවට එක්විය හැකි බවත් ආණ්ඩුවට පැමිණ සහාය දැක්විය හැකි බවත්, රනිල් වික්‍රමසිංහ මහතාත් සජිත් වික්‍රමසිංහ මහතාත් එක්වීමට සූදානම් නම් ඒ සඳහා ද අවස්ථාව ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

නමුත් පොදු ජන පෙරමුණ දෙස ඉදිරි මැතිවරණ ජය ගැනීමට දේශපානය මෙහෙයවන බවද හෙතෙම තවදුරටත් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙසින් කඩුවෙල දී පවත්වන ලද ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now