"නාමල්ගේ නීතී උපාධිය වංචාවේ ඇසින් දුටු සාක්‍ෂිකරු මමයි" - ලංකාවට පැමිණෙයි.! - (වීඩියෝ දර්ශන සහිතයි)
පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේදී නීති විභාගයට පෙනී සිටියේ වංචා සහගත ලෙස බව තුෂාර ජයරත්න පවසනවා.
විදේශගතව සිටින ඔහු අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අදාළ පැමිණිල්ල සඳහා සාක්ෂිකරුවකු ලෙස කටයුතු කිරීමට තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.
එමෙන්ම ඇමති වසන්ත සමරසිංහට අදාළ තොරතුරු ලබා දුන්නේ තමන් බවත් එම තොරතුරු සියල්ල සත්‍ය බවත් ඔහු කියා පවසනවා.
මීට පෙර තුෂාර ජයරත්න විසින් මෙම කරුණු හුවාක්වමින් මුහුණු පොතේ සටහනක් ද තබා තිබුනා. මේ අතර මේ සම්බන්ධයෙන් තමන් පසුගිය ආණ්ඩු වලදී ද පැමිණිලි කර ඇතත් ඒවා සැලකිල්ලට ලක් නොවූ බවද ඔහු මෙහිදී පවසනවා.
අදාල වීඩියෝව පහතින්,