ඉල්ලා අස්වීම ප්‍රමාදයි - නාමල්ගෙන් කුමාර ජයකොඩිට දැඩි චෝදනා

Report

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම පිළිගත්තද, එය ප්‍රමාද වූ තීරණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි

ඔහු X සමාජ මාධ්‍යයේ පළ කළ සටහනක් මගින් සඳහන් කර ඇත්තේ, අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාද කිරීමට පාර්ලිමේන්තුව සම්පූර්ණ දවසක් වැය කළත්, ජාතික ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරුන් එයට විරුද්ධව ඡන්දය දීම ඔවුන් දූෂණ චෝදනා නොසලකා ඔහුට සහාය දැක්වූ බව පෙන්වන බවයි.

නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ගල්අඟුරු වංචාව හේතුවෙන් දැනටමත් රටට විශාල ආර්ථික පාඩුවක් සිදුව ඇති බවයි. එවැනි තත්ත්වයක් තුළ අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, සිදුවූ පාඩුවට වගකිව යුත්තේ කවුද යන්න පිළිබඳ පැහැදිලි පිළිතුරක් අවශ්‍ය බවත් ඔහු කියා සිටී.

තවද, මෙම අක්‍රමිකතා හේතුවෙන් ඇතිවූ බර අවසානයේ පාරිභෝගිකයින්ටම වැටෙන බවද ඔහු අවධාරණය කළේය.

ඒ සමඟම, අතීතයේ දූෂණ චෝදනා පැවති කුමාර ජයකොඩි මහතා මෙතරම් වැදගත් අමාත්‍යාංශයකට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වගකීම භාරගත යුතු බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. 

ගල්අඟුරු අක්‍රමිකතා විමර්ශනයට ජනාධිපතිගෙන් දැඩි නියෝගයක්

ගල්අඟුරු අක්‍රමිකතා විමර්ශනයට ජනාධිපතිගෙන් දැඩි නියෝගයක්

ගල්අඟුරු වංචා චෝදනා මැද ඇමති විජිතගෙන් හෙළිදරව්වක්

ගල්අඟුරු වංචා චෝදනා මැද ඇමති විජිතගෙන් හෙළිදරව්වක්

බලශක්ති ඇමති ජයකොඩි ඉල්ලා අස්වෙමින් ජනපතිට යැවූ ලිපිය මෙන්න

බලශක්ති ඇමති ජයකොඩි ඉල්ලා අස්වෙමින් ජනපතිට යැවූ ලිපිය මෙන්න