ගල්අඟුරු වංචා චෝදනා මැද ඇමති විජිතගෙන් හෙළිදරව්වක්
ගල්අඟුරු ආනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් වංචාවක් සිදු නොවූ බවත්, ආනයනය කළ ගල්අඟුරු බාල මට්ටමක තිබුණු බව පමණක් පිළිගන්නා බවත් අමාත්‍ය විජිත හේරත් පවසයි.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, ගල්අඟුරු මිලදී ගැනීම් පිළිබඳව විමර්ශනය සඳහා පත් කර ඇති ජනාධිපති කොමිසමට ඕනෑම පුද්ගලයෙකුට අදාල චෝදනා හෝ තොරතුරු ඉදිරිපත් කළ හැකි බවයි.
මෙම ප්‍රකාශයත් සමඟ ගල්අඟුරු ආනයන ක්‍රියාවලිය පිළිබඳව ඇතිව තිබෙන අවධානය තවදුරටත් වැඩි වී තිබේ.