දැනටමත් ආණ්ඩුවට සූර් වෙලා.. 2029 නාමල් ජනපති - තිස්සකුට්ටිගෙන් බලපොරුත්තුව

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසන්නේ, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව රට පාලනය කිරීම වෙනුවට කුහක හා අඳුරු බාල දේශපාලනයක යෙදෙන බවයි.

රාජ්‍ය ආරක්ෂාව බිඳවැටී, රටේ සංවර්ධනය අඩපණ වී ඇති මොහොතක, ආණ්ඩු පක්ෂය විපක්ෂ නායකවරයා ගැන නොකතා, නාමල් රාජපක්ෂ මහතා පිළිබඳව පමණක් අසත්‍ය ප්‍රකාශ සිදු කරන්නේ, 2029 දී ඔහු රටේ ජනාධිපති ලෙස තහවුරු වනු ඇතැයි බියෙන් බව ඔහු පැවසීය.

මල්ලිට හොදටම ගහලා,බබාට කිරිදෙන්න විදිහක් නෑ මාස 3යි - මනම්පේරිගේ නංගී

මල්ලිට හොදටම ගහලා,බබාට කිරිදෙන්න විදිහක් නෑ මාස 3යි - මනම්පේරිගේ නංගී

මෙම අදහස් ඔහු ඉදිරිපත් කළේ 2025 සැප්තැම්බර් 07 දින පෙරවරුවේ අනුරාධපුරයේ පැවති පොහට්ටුවේ ක්‍රියාකාරීන්ගේ හමුවකින් පසු මාධ්‍ය වෙත ලබාදෙමින්.

පාතාලය හා මත්ද්‍රව්‍ය තුරන් කිරීම, රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම, සහ රට සංවර්ධනය කිරීම රජයේ වගකීම බවත්, පාතාල නායකයින් ගෙන්වීමේදී ගුවන්තොටුපළේදී පිළිගැනීම් අවශ්‍ය නොවන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්වීමට තීරණය කරයි

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්වීමට තීරණය කරයි

වත්මන් ආණ්ඩුව වැඩ කිරීම වෙනුවට දේශපාලනඥයන් හා රාජ්‍ය සේවකයන් දඩයම් කරන බවත්, නීතියේ ආධිපත්‍යය රැකිය යුතු වුවත්, දේශපාලන පළිගැනීම් සාධාරණ ලෙස සිදු කළ යුතු බවත්, එසේ නොකරමින් ආණ්ඩුව රටේ දේශපාලනයට අඳුරු පැල්ලමක් එක් කරමින් සිටින බවත් ඔහු චෝදනා කළේය.

පොහට්ටුව හැර ගිය සියලු දෙනා නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් නැවත එක් කර ගන්නා බවත්, බාධක හමුවේ පක්ෂය වෙනුවෙන් පෙනී සිටින සාමාජිකයන්ගේ ආරක්ෂාව සහ දේශපාලන තහවුරුකම් ආරක්ෂා කරන බවත් ඔහු පැවසීය.

දේශපාලන පක්ෂ එක්වන විට පුද්ගලයන් හෝ චරිත ලෙස නොව, ප්‍රතිපත්ති මත පමණක් එක්විය යුතු බවත්, ප්‍රතිපත්ති ගරුක ලෙස එක්වන ඕනෑම අයෙකු සමඟ එකතු වීමට සූදානම් බවත් තිස්ස කුට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කන්ටේනර් ගැටලුව ගැන අර්චුනාගේ මතය බොරුවක් වෙන්න බැහැ - නාමල් ඇත්ත හෙළි කරයි

කන්ටේනර් ගැටලුව ගැන අර්චුනාගේ මතය බොරුවක් වෙන්න බැහැ - නාමල් ඇත්ත හෙළි කරයි

හරිනි අමරසූරියගේ ස්ථාවරය පිළිබඳ 'පදනම් විරහිත' ප්‍රකාශ ජවිපෙ ප්‍රතික්ෂේප කරයි

හරිනි අමරසූරියගේ ස්ථාවරය පිළිබඳ 'පදනම් විරහිත' ප්‍රකාශ ජවිපෙ ප්‍රතික්ෂේප කරයි