නාමල්ගෙන් විශේෂ නිවේදනයක්

Report

අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතාව අපරාධ පරීක්ෂණ දෙපා‍ර්තමේන්තු වෙත කැඳවීම, සමස්ත මාධ්‍යවේදීන්ටම කරන අනතුරු ඇඟවීමක් හා මර්දනයක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙසේ සිදුකරන මාධ්‍ය මර්දනය තමා තරයේම හෙළා දකින බවයි.

එමෙන්ම මර්දන නීතිවලට එරෙහිව සටන් කලා යැයි කියන දේශපාලන ව්‍යාපාරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ දැරීම හෙළාදකින බවට ඔහු වැඩිදුරටත් කියා සිටියි.

මාධ්‍ය නිදහස මැඩපැවැත්වීමට AKD රජය උත්සාහ කරන බවට සජිත්ගෙන් චෝදනාවක්

මාධ්‍ය නිදහස මැඩපැවැත්වීමට AKD රජය උත්සාහ කරන බවට සජිත්ගෙන් චෝදනාවක්

ඔහු සඳහන් කළේ පොලිස් වාර්තා ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරී සහතිකයට අමතරව මහජන ආරක්ෂක කමිටුවේ සභාපතිවරයාගේ සහතිකයක්ද අවශ්‍ය බව සඳහන් පුවතක් මහින්ද ඉලේපෙරුම කර්තෘත්වය හොබවන අරුණ පුවත් පතේ පළකිරීම නිසා මෙසේ ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවයි.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ මොවැනි සිදුවීමකදී පළමුව පුවත්පත් කොමිසමට පැමිණිලි කිරීම හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීම කළ යුතු බවයි.

නමුත් එවැනි ක්‍රමවේදයකින් තොරව මෙසේ අයුතු ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම ආණ්ඩුවේ මර්දනය පිළිබඳ හොඳම සාක්ෂියක් බව ඔහු දක්වයි.

එබැව්න් තමා මාධ්‍ය මර්දනය හෙළා දකින බවත් මෙසේ මාධ්‍ය මර්දනයට හා ආණ්ඩුවේ පටු අරමුණු ඉටුකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාවිච්චි කිරීම ඉතා කණගාටුදායක බවත් නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියි.

කෙහෙළිය ගෙන්නපු බෙහෙත් ගැන ආන්දෝලනාත්මක කතාවක් - සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිඛිත දැනුම්දීමක්

කෙහෙළිය ගෙන්නපු බෙහෙත් ගැන ආන්දෝලනාත්මක කතාවක් - සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිඛිත දැනුම්දීමක්

ආයේ EPF ගැන බය වෙන්න ඕනේ නෑ අතටම එනවා - මෙන්න හැමෝටම සුබ ආරංචියක්

ආයේ EPF ගැන බය වෙන්න ඕනේ නෑ අතටම එනවා - මෙන්න හැමෝටම සුබ ආරංචියක්