නාමල්ව එක් කරගෙන ගිහිල්ලා ඕගොල්ලෝ පොඩි ආතල් එකක් අරන් තිබ්බනේ ලැජ්ජ නැද්ද ඕගොල්ලන්ට කෑමද කන්නේ බත් ද කන්නේ? - අර්ච්චුනාට මල පනී
පාර්ලිමෙන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා විසින් ඊයේ (03) දින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගෙන්වීම සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට ගෙන්වීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.
ඒ ඊයේ දින පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදියි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ,
මම,අම්මා,තාත්තා,පවුම් අනූවේ මාලේ දාගෙන ඉන්න බල්ලා වුණත් ගෙනත් දෙන්නම් හැබැයි මේවට ගෙනල්ලා අපේ කට වල් වහන්න බෑ - නාමල්
"අද මම දැක්කා නාමල් මන්ත්‍රීතුමාව එක් කරගෙන ගිහිල්ලා ඕගොල්ලෝ පොඩි ආතල් එකක් අරන් තිබ්බා. අවුරුදු දෙකක් ගියාට පස්සේ නාමල් මන්ත්‍රීතුමා එයාගේ අම්මවත් එක් කරගෙන ගිහිල්ලා ආතල් දීලා තියෙනවා. ඕකට අපේ කොටි ඩයස්පෝරාවේ සමහරුන්ට පොඩි ආතල් එකක් ඇවිල්ල ඇති ඕකේ. අර අඩියක් ගහන්න කලින් පොඩ්ඩක් අර ඉස්මෙල් කරලා බලනවනේ ඒ වගේ පොඩි එකක් ඇති. හැබැයි ඕකෙන් ජනතාව ඔයාලට ඡන්දෙ දාන්නෙ නෑ. මතක තියාගන්න අවුරුදු පහෙන් හැරිල බැලුවට පස්සේ අපි මේක ගැන බලමු. මේකෙන් කවදාවත් වෙන්නේ නෑ දැන් අද අපේ කථානායකවරයා ගැන වංචා දූෂණ කොමිසමේ ගිහිල්ලා පැමිණිල්ලක් දාලා එයා මිලියන් දෙකක් පාවිච්චි කරලා එයාගේ පෙට්‍රෝල් පාවිච්චි කරලා කියලා. ලැජ්ජ නැද්ද ඕගොල්ලන්ට ඕගොල්ලෝ කෑමද කන්නේ බත් ද කන්නේ. ඕගොල්ලෝ බෞද්ධාගම සිංහලද?"