මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වෙත නලින්ද ඇමති කල ඉල්ලීම
Anuradhapura
Doctors
Nalinda Jayatissa
By Akash
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට සිදු වූ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
අමාත්‍යවරයා කියා සිටින්නේ අදාළ ඉරණමට මුහුණ පෑ වෛද්‍යවරියගේ අනන්‍යතාව හෙළි කිරීමෙන් සියලු මාධ්‍ය ආයතන වැළකී සිටිය යුතු බවයි.
අමාත්‍යවරයා සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් මෙලෙස සදහන් කර තිබුණි.
අමාත්‍යවරයා නිකුත් කළ X සටහන පහතින්; ”අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඊයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමට සම්බන්ධ වෛද්‍යවරියගේ අනන්‍යතාව හෙළි කිරීමෙන් වැළකී සිටීමෙන් ඇයගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස මම සියලුම මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍යවලින් කාරුණිකව ඉල්ලා සිටිමි.
