කෝ අර කළින් ජවිපේ ළඟ තිබුණු වංචා දුෂණ චෝදනා තිබ්බ ෆයිල් 400, දැන් සංදර්ශනේ ඉවරද? - නලින්

Nalin Bandara Jayamaha Janatha Vimukthi Peramuna Latest Headlines Sinhala news Colombo politics heat up
By Kaushi Sep 02, 2025 11:16 AM GMT
Kaushi

Kaushi

Report

ජනතා විමුක්ති පෙරමුණ සතුව වංචා දුෂණ චෝදනා ඇතුළත් ෆයිල් 400 ක් පමණ තිබු බවත් ඵම ෆයිල්වලින් කියකට නඩු ගොනු කරල තිබෙනවාද? යන්නත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ආණ්ඩුවෙන් විමසා සිටියි.

ඒ අද (02) දින සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින්.

2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කරන දවස ගැන විශේෂ නිවේදනයක්

2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කරන දවස ගැන විශේෂ නිවේදනයක්

ඒ අනුව ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

"වැරදිකරුවන්ට දඩුවම් ලබාදිය යුතුයි. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ සතුව වංචා දුෂණ චෝදනා ඇතුළත් ෆයිල් 400 ක් පමණ තිබුණා. ඒ ෆයිල් වලින් කියකට නඩු ගොනු කරල තිබෙනවාද? නමුත් ජනතා විමුක්ති පෙරමුණ කතාකළ ෆයිල්වලින් කිසිදු තොරතුරක් වාර්තා වෙලා නැහැ. ඒ වෙනුවට සිල්ලර කාරණා වලට නඩු ගොනු කරන්න රජය කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම විපක්ෂය මර්දනය කරන්න රජය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය භාවිතා කරනවා. ඒ වගේම රටේ වංචාවලට දුෂණයට සම්බන්ධ පුද්ගලයින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. එසේ සිදු කළා නම් රට ඉදිරියට පැමිණ තිබිය යුතුයි.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

එය රටේ ආර්ථිකයට දැනිය යුතුයි. ජනතාවගේ ජිවන තත්ත්වය උසස්විය යුතුයි. ජනතාවගේ භාරිභෝජන ශක්තිය වැඩිවිය යුතුයි. රටේ ජනතාව සතුටින් සිටිය යුතුයි. නමුත් එවැන්නක් අපි දකින්නේ නැහැ. ආණ්ඩුව ජනතාව රවට්ටන්න සංදර්ශනය පවත්වනවා මිසක සංවර්ධනයක් සිදුකරන බවක් පෙනෙන්න නැහැ. ආණ්ඩුවට සංදර්ශනයෙන් යන්න පුලුවන් කාලය දැන් අවසන් වෙලා තිබෙනවා. රටේ ජනතාවට අවශ්‍ය වන්නේ සංදර්ශන නෙවෙයි සංවර්ධනයයි." යනුවෙන් සඳහන් කළා.

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න