මේ පැත්තේ වෛද්‍ය නිලධාරීන් වැඩ වර්ජනයක්

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) රත්නපුර ශාඛාව විසින් අද (02) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කොට ඇත.

පොහොට්ටුවෙන් විශේෂ ලිපියක් භාර දෙයි

පොහොට්ටුවෙන් විශේෂ ලිපියක් භාර දෙයි

ඒ රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින්ය. ඔවුන් පවසන්නේ අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි පීඩනයකට ලක්වීම සහ එය රෝගී සත්කාරයට බාධාවක් වී ඇති බවයි.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය සාධාරණ විමර්ශනයක් කර බව පැවසුවද තවමත් එම පොරොන්දුව ඉටු වී නොමැති බව වාර්තා වේ.

මෙලෙස අධ්‍යක්ෂවරයාට චෝදනා එල්ල කිරීමෙන් පසුවත් ඔහු තනතුරේ සිටියදීම විමර්ශන සිදුවීම පක්ෂපාතීත්වයට හානියක් බවත් සාක්ෂිකරුවන්ට බලපෑමක් බවත් ඔවුන් පවසයි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ විමර්ශනය අවසන් වන තුරු අධ්‍යක්ෂවරයා තාවකාලිකව තනතුරෙන් ඉවත් කරන ලෙසත් රෝහල් පරිශ්‍රය තුළ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත්ය.

වර්ජන කාලය තුළ හදිසි සහ ජීවිතාරක්ෂක ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බවද ඔවුන් දැනුම් දී තිබේ.