ලක්‍ෂ 12කට Vitz කාර්? මන්ත්‍රීලා 159 ට දෙන වාහන බලපත්‍රය ගත්තා නම් එකකින් විතරක් රුපියල් කෝටි 7ක් හොයන්න තිබ්බා - හේවගේ

Report

 තමන් කිසිදු අවස්ථාවක ලක්ෂ 12කට Vitz මාදිලියේ මෝටර් රථ ලබා දෙන බවට ප්‍රකාශයක් සිදු නොකළ බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා අවධාරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන මෙම ප්‍රචාරයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ එවැනි ප්‍රකාශ සිදු කරන්නේ 'පිස්සන්' බවයි.

එමෙන්ම තමන් එවැනි පොරොන්දුවක් ලබා දුන් බව පවසන පිරිස් වෙත අභියෝග කරමින් අමාත්‍යවරයා කියා ඇත්තේ, අවශ්‍ය නම් තමන් මීට පෙර සිදු කළ ප්‍රකාශ ඇතුළත් වීඩියෝ දර්ශන හොඳින් පරීක්ෂා කර බලන ලෙසයි.

ඔහු සහතික වූයේ තමන් හෝ තම දේශපාලන කණ්ඩායම ජනතාවට කිසිදු අසත්‍යයක් ප්‍රකාශ කර නොමැති බවටයි.

මාව කඳවුරෙන් පන්නන්න හැදුවට ඒක කවදාවත් වෙන්නෙ නෑ...කඳවුරට දවසක නායකත්වය දෙනකල් මම ඉදිරියට යනවා - අවුළවන අයට හර්ෂගෙන් තරවටුවක්

මාව කඳවුරෙන් පන්නන්න හැදුවට ඒක කවදාවත් වෙන්නෙ නෑ...කඳවුරට දවසක නායකත්වය දෙනකල් මම ඉදිරියට යනවා - අවුළවන අයට හර්ෂගෙන් තරවටුවක්

එසේම මන්ත්‍රීවරුන්ට හිමිවන වාහන බලපත්‍ර සම්බන්ධයෙන් අදහස් දක්වමින් හේවගේ මහතා සඳහන් කර ඇත්තේ, වත්මන් රජයේ මන්ත්‍රීවරුන් 159 දෙනා එම බලපත්‍ර ලබා ගත්තේ නම් විශාල මුදලක් උපයා ගැනීමට හැකියාව තිබූ බවයි.

ඒ අනුව එක් බලපත්‍රයකින් රුපියල් කෝටි 5ක පමණ වාසියක් ලැබිය හැකිව තිබූ බවත්, මන්ත්‍රීවරුන් 159 දෙනාට කෝටි 7කට අධික මුදලක් බලපත්‍ර විකිණීමෙන් හෝ භාවිතයෙන් උපයා ගත හැකිව තිබූණද ජනතාව සඳහා එම වරප්‍රසාදය අත්හළ බවත් ඔහු පැවසූ බව වාර්තා වේ.

තවද රජය නියෝජනය කරන පළාත් පාලන ආයතන නියෝජිතයන් 4,000ක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනා අතරින් කිසිවෙකු හෝ වැරදි නොකරනු ඇති බවට තමන් සහතික නොවන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, වැරැද්දක් කරන ඕනෑම අයෙකුට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි පියවර ගන්නා බවද සඳහන් කර ඇත.

ඒ අනුව ඔහු අවධාරණය කර ඇත්තේ "අද වැරැද්දක් කළොත්, හෙට අහුවුණොත්, අනිද්දා එළවනවා" යනුවෙන්.

එනපොටනම් හොද නෑ - තලපති විජේගෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ගැන ලිපියක් - රාජ්‍ය තාන්ත්‍රික පීඩනයක්

එනපොටනම් හොද නෑ - තලපති විජේගෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ගැන ලිපියක් - රාජ්‍ය තාන්ත්‍රික පීඩනයක්

ලංකාවේ කාලගුණය කළඹන අඩුපීඩන කලාපය ගැන කළ නවතම නිවේදනය මෙන්න - පීඩන කලාපය උතුරට යෑමෙන් රතු එළි රැසක්

ලංකාවේ කාලගුණය කළඹන අඩුපීඩන කලාපය ගැන කළ නවතම නිවේදනය මෙන්න - පීඩන කලාපය උතුරට යෑමෙන් රතු එළි රැසක්

කොළඹ යට වෙයි - මේ පැතිවලට නම් අද යන්න හිතන්නවත් බෑ - රථවාහන ගමනාගමනයට බාධා

කොළඹ යට වෙයි - මේ පැතිවලට නම් අද යන්න හිතන්නවත් බෑ - රථවාහන ගමනාගමනයට බාධා