ආණ්ඩුවේ හෙළුව නිරුවතින් ගිය තරුණයා හෙළි කළ බවට ප්‍රකාශයක්

Sri Lanka Politician Sri Lanka Sri Lanka Podujana Peramuna
By Gagana News Mar 06, 2025 12:54 PM GMT
Gagana News

Gagana News

Report

ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂඥයෝ සිටින රටක නිරුවතින් මෝටර් සයිකලයේ කොළඹ සිට නුවර යෑමට හැකි තත්ත්වයක් නිර්මාණයවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අසත්‍ය පුවත් පල කරන වෙබ් අඩවි නියාමනයට - නිලන්ති කොට්ටහච්චි

අසත්‍ය පුවත් පල කරන වෙබ් අඩවි නියාමනයට - නිලන්ති කොට්ටහච්චි

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අදාළ සිද්ධියෙන් රටේ පාර්ලිමේන්තුවත්, ආණ්ඩු‍වත්, ඡන්දය දුන් ජනතාවත් නිරුවතින් යන්න සිහිගැන්වූ බව ද ඔහු අවධාරණය කර සිටියා.

“මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට තිබුණු ප්‍රශ්නය තමයි මේ රටේ යුද්ධය ඉවර කරගන්න අවශ්‍ය කරන මිනිස් බලය, ආයුධ බලය, ජාතික ආරක්ෂාවේ බලය මදිවෙයිද කියන ප්‍රශ්නය තිබුණේ.

ඒ වගේම එතුමාට විදේශ රටවලින් ලැබෙන සහයෝගය පිළිබඳව ප්‍රශ්නය තිබුණේ. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට තිබුණු ප්‍රශ්නය ඩොලර් මදිවෙන එක.

මගේ මනාප ආයේ ගණින්න - රාජිතගෙන් පෙත්සමක්

මගේ මනාප ආයේ ගණින්න - රාජිතගෙන් පෙත්සමක්

නමුත් අද මේ ආණ්ඩුවට එක ප්‍රශ්නයයි තිබෙන්නේ. ඒ කියන්නේ බොරු මදිවෙන එකයි. බලය ගන්න කලින් බොරු ගොඩක් කිව්වා, දැන් ඒ බොරුවලට අනුලෝමව ප්‍රතිවිරුද්ධ කතන්දර කියන්න පටන් අරගෙන තිබෙනවා.

දැන් මේ ආණ්ඩුව අලුතෙන් මුහුණදෙමින් සිටින අභියෝගය තමයි පෙර කිව්ව බොරුවලට සාපේක්ෂව ඒ බොරු කැපෙන්න අලුතෙන් බොරු කතා කියන්න පුළුවන්ද කියන එක. අද රටේ හාල්,වී, පොල් ප්‍රශ්න , ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න, උසාවි ප්‍රශ්න ඒ සේරම අතර අද රටේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි මේ රටේ තිබෙන උපරිම බලය, ශ්‍රමය යොදලා රිලව් ගණින එක.

15 වෙනිදා රිලව් ගණන් කිරීමේ ජාතික මංගල්‍යයට අපිත් ඉල්ලා සිටිනවා පාට පක්ෂ භේදයකින් තොරව ගමේ සිටින සියලුදෙනා වැඩ නවත්තලා ආණ්ඩුවට රිලව් ගණින්න උදව් කරන්න කියලා.

ආණ්ඩුවේ මේ සම්බන්ධයෙන් විවිධ උපදෙස් දෙමින් සිටිනවා. ඒ වගේම මේ ආණ්ඩුවට ඉස්සරහට යන්න රිලා සංගණනයෙන් උදව් කරන්න කියලා අපි සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම අපි බත්තරමුල්ල හංදියට මෝටර් සයිකලයක හෙල්මට් එකක් නැතිව ගියොත් පොලිසිය අත්තඩංගුවට ගන්නවා.

අද වන විට ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂඥයෝ, මහා දැනුමක් තිබෙන නිලධාරීන් සිටින රටක නිරුවතින් පාරේ මෝටර් සයිකලේ කොළඹ සිට නුවරට යන්න පුළුවන් තත්වයක් තමයි නිර්මාණයවෙලා තිබෙන්නේ.

මේ තරුණයා නිරුවතින් පාරේ ගිහිල්ලා පෙන්නුවේ මේ ආණ්ඩුවේ ඡන්දය දුන්නු මිනිස්සුන්ගේ නිරුවතද? නැතිනම් මේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා බොරු කියන මිනිස්සුන්ගේ නිරුවතද? එසේ නැතිනම් මේ ආණ්ඩුව විසින් අපි සියලුදෙනාගේ රෙදිගලවමින් සිටිනවද?

මේ අවස්ථාවේ මේ රටේ සංඛේතාත්මකව සිද්ධවෙච්ච වටිනාම සිදුවීම තමයි කොළඹ සිට නුවර දක්වා තරුණයෙක් නිරුවතින් ගිහිල්ලා අපි සියලුම දෙනාට මතකය ආවර්ජනය කරලා දුන්නා,

මේ පාර්ලිමේන්තුවත් නිරුවතින්, මේ ආණ්ඩු‍වත් නිරුවතින්, ඡන්දය දුන්නු ජනතාවත් නිරුවත් සහ අපි සියලුදෙනාම නිරුවතින් කියලා.

ඒ නිසා මේ තරුණයාට ස්තුතිවන්ත වෙනවා ඔබ කළේ කාලයකට පසු මේ රටේ සියලූමදෙනාට අපි අද ඉන්න දේශපාලනික තත්වය පිළිබඳව මතකය ආවර්ජනය කරලා දිම සහ රිලව් ජාතික සංගණනය වන රටේ රිලව් ගණින්න කලින් අපි සැමගේම නිරුවත පෙන්වා දුන්න එක.”

ReeCha