අසත්‍ය පුවත් පල කරන වෙබ් අඩවි නියාමනයට - නිලන්ති කොට්ටහච්චි

By Gagana News Mar 06, 2025 12:40 PM GMT
Report

අසත්‍ය පුවත් පළ කරන වෙබ් අඩවි යම් නියාමනයකට ලක් කරන්න බලාපොරොත්තු වන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනමාධ්‍ය ප්‍රශස්ත මට්ටමට රැගෙන ඒමට ආණ්ඩුවට වගකීමක් තිබෙනවා.

යහපත් ඇසුර සහ යහපත් ආර්ථිකයක් හිමි වන්නේ කුමන ලග්න හිමියන්ට ද ? ,මෙතනින් කියවන්න

යහපත් ඇසුර සහ යහපත් ආර්ථිකයක් හිමි වන්නේ කුමන ලග්න හිමියන්ට ද ? ,මෙතනින් කියවන්න

ජනමාධ්‍යවේදීන් වෘත්තිය කරගෙන යා යුතු සීමා ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා. මාධ්‍යවේදින් එහි දිග පළල සීමාවන් දැනගත යුතුයි.

දණ්ඩ නීති සංග්‍රහයෙන් අසභ්‍ය ප්‍රකාශන කරන්න බැරි බව කියා තිබුණත් එහෙම වන්නේ නැහැ.

ඇතැම් අවස්ථාවල වෛරය උසිගන්වන පුවත් මාධ්‍යවල ප්‍රචාරය කරනවා.මේවා යම් නියාමනයකට ලක්විය යුතු බවට ආණ්ඩුවේ අවධානය යොමු වී තියෙනවා යැයි මන්ත්‍රීවරිය කීවාය.