නැදුන්ගමුවේ රාජා" යළි උපදින හැටි මෙන්න..ඇහේ කඳුළු බිංදුවකුත් තියෙන රාජා ඇතා සිහිවෙයි..
ශ්‍රී දළදා මාළිගාවේ රාජාට පසු වැඩිම වාර ගණනක් දළදා වහන්සේ වැඩම කරවූ නැදුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට තීරණය වුණා. ඒ ජනාධිපතිවරයාගේ උපදෙස් මත.
ඒ අනුව හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීම කටයුතු මේ වන විට සිදුවනවා.
එය භාර කෙරුනේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවටයි.
මේ ඒ පිලිබදව පැහැදිලි කළ එහි අධ්‍යක්‍ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මිය, “හම පුරවලා සකස් කිරීම හඳුන්වන්නේ චර්ම ශිල්පය විදියට.
හම සකස්කර හදන අනුරුවෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ජීවත් වෙලා ඉන්නකොට මෙයා මේ හැඩයෙන් ඉන්න ඇතියි කියන එක නිරූපණය කිරීම.
මේ වනවිට හස්තියාගේ සම ඉවත්කර අවසන්.
ඒ කටයුත්තට පැය 48 කට වැඩි කාලයක් ගතවුණා. එය ඉක්මනින් වගේම ඉතාම සීරුවට, දැඩි කැපවීමෙන් අපේ කණ්ඩායම කළා.
මේ වනවිට සම නරක් නොවන මට්ටමට සංරක්ෂණය කර වැඩිදුර පිරිසුදු කිරීම අරඹලා තියෙන්නෙ. ඒකට දින දහයක් පමණ ගතවුණා.
සතාගේ බාහිර ස්වරූපය ඉස්මතු වන විදියට සැකිල්ලක් සාදා ගන්නවා.
මේක කරන්නෙ පුහුණු ශිල්පීන් නිසා ඔවුන්ගේ අත්දැකීම් සමගයි එය කරන්නේ.
පසුව ඒ සැකිල්ලට හම පොරවලා තමයි ඉතිරි කටයුතු කරන්නෙ.
ශ්‍රී දළදා මාලිගාවේ රාජා ඇතාගේ අනුරුව සැකසීමට වඩා තරමක් වෙනස් නව තාක්ෂණය අපි දැන් භාවිත කරනවා.
වාක්‍ය කීපයකින් කිව්වට මේක ගොඩක් ලොකු වැඩක්.
හම නිවැරදි විදියට සකස් කළොත් තමා දිගු කාලයක් තබාගන්න පුළුවන්.
අඩුම තරමේ හය මාසයක්වත් මේ වැඩේට යනවා" නැදුන්ගමුවේ රාජාට පෙර ලංකාවේ ඇතෙක් සංරක්ෂණය කෙරුණේ 1988දීය.
ඒ දළදා මාලිගාවේ රා ජාගේය.
රසායනිකව චර්මය ඉවත්කර ජීවමාන අනුරුවක් ලෙස ආසියාවේ ප්‍රථම වතාවට නිර්මාණය කළ අනුරුව මාලිගාවේ රාජා ඇතාගේය.
අදටත් දළදා මාලිගාවට යන සියල්ලෝ ඇහේ කඳුළු බිංදුවකුත් තියෙන රාජා ඇතා...
කියා බලන්නට යන්නේ එම අනුරුවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |