ගම්මානයක් බියෙන් තැති ගත් මහ රෑට පොළොව යටින් ඇහුන අමුතු අත්භූත ශබ්දය - අන්තිමට හෙළි වුණ දේ.. (VIDEO)

University of Peradeniya Sri Lanka
By krishani Oct 20, 2023 12:30 AM GMT
krishani

krishani

Report

කොත්මලේ - වෑතලාව ප්‍රදේශයේ පොළව අභ්‍යන්තරයේ අසාමාන්‍ය ශබ්ද පවතින බව ගම්මුන් පසුගියදා සඳහන් කළේ ය.

ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 50 ක පමණ පිරිසක් රාත්‍රි කාලයට පමණක් ආරක්ෂිත ස්ථානවලට ද යොමු කිරීමට කටයුතු කර තිබුණේ ය.

මෙම ඇසෙන අසාමාන්‍ය හඬ පිළිබඳව සුවිශේෂී හෙළිදරව්වක් ඊයේ (19) සිදුකරනු ලැබුවේ ය.

ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා එම ප්‍රදේශය නිරික්ෂණය කිරීමෙන් පසුවයි.

එහිදී අනාවරණය වූයේ, කොත්මලේ වෑතලාව ප්‍රදේශයෙන් ඇසෙන අසාමාන්‍ය හඬ පොළොව අභ්‍යන්තරයේ ඇතිවන විවර තුළින් ජලය ගමන් කිරීම නිසා ඇතිවන හඬක් බවයි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් මහාචාර්යවරයා සඳහන් කළේ  එය බරපතළ තත්ත්වයක් නොවන බවයි.



ReeCha