හසන්තගේ කෙටි චිත්‍රපටය ජාත්‍යන්තරය ජයගනී (PHOTOS)
ශ්‍රී ලාංකික තරුණ සිනමාකරුවෙක් වන හසන්ත දිසානායක විසින් නිර්මාණය කළ "මට්න්" නම් කෙටි චිත්‍රපටය තුර්කියේ පැවති ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලකදී ජයග්‍රහණය කර තිබේ. එය තුර්කියේ පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ශිෂ්‍ය කෙටි චිත්‍රපට උළෙලකි. තුර්කි සංචාරක හා සංස්කෘතික අමාත්‍යාංශය සහ සකර්යා විශ්වවිද්‍යාලය එක්ව මෙම ශිෂ්‍ය කෙටි චිත්‍රපට උළෙල සංවිධානය කර තිබේ.
ඒ අනුව 7වන සකාර්යා ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලෙහි තරඟකාරී අවසන් වටයෙන් "මට්න්" ජයග්‍රහණයක් ලබාගෙන ඇත. එම කෙටි චිත්‍රපටය හරහා ජාත්‍යන්තරය තුළ කතාබහක් ඇති කිරීමට ඔහු සමත් වී තිබේ. හසන්ත දිසානායක පැවසුවේ ප්‍රකට නවකතාකරුවෙක් වන රෝල්ඩ් ඩාල් විසින් රචිත "ලෑම්බ් ටු ද ස්ලෝටර්" නම් නවකතාව ඇසුරෙන් සිය කෙටි චිත්‍රපටය නිර්මාණය කළ බවය.
කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිනමාව සහ රූපවාහිනිය පිළිබඳ ගෞරව උපාධිය හිමිකරගෙන ඇති හසන්ත, එහි අවසන් වසරේ නිර්මාණය සඳහා මෙම "මට්න්" නම් කෙටි චිත්‍රපටය නිපදවා තිබුණි. එය විනාඩි 12ක කෙටි චිත්‍රපටයකි. රටවල් 197ක නිර්මාණ 7000ක් අතරින් හසන්ත දිසානායකගේ "මට්න්" ජයග්‍රහණය කර තිබීම ද විශේෂත්වයකි.
මෙම කෙට් චිත්‍රපටය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සකාර්යා ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙල ඇතුළු පහත දැක්වෙන අන්තර්ජාතික සිනමා උළෙලවල් සඳහා එක්වී තිබුණි.
ඩ්රක් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල - භූතානය
ජාත්‍යන්තර මූවින් චිත්‍රපට උළෙල - ඉරානය
මැද්‍රාස් ස්වාධීන චිත්‍රපට උළෙල - ඉන්දියාව
ෆෝල්කන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල - ඉන්දියාව බ
යෙල්සා ජාත්‍යන්තර චිත්‍රපට උළෙල - නයිජීරියාව
මෙම කෙටි චිත්‍රපටය ඉරානය, භූතානය, ඉන්දියාව, නයිජීරියාව සහ දකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහා ඉදිරිපත් කළ බවත් එහිදී විවිධ ඇගයීම් ලැබූ බවත් හසන්ත දිසානායක පැවසීය. කුඩා කල සිට රංගනයට සහ නිර්මාණකරණයට ප්‍රිය කළ හසන්ත දිසානායක ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 2015 වසරේදී පාසල් අධ්‍යාපනය නිමකර තිබුණි.
ගාල්ලේ පදිංචි හසන්ත සිය පළමු නිර්මාණය 2016 වසරේදී සිදුකර තිබූ අතර එම කෙටි චිත්‍රපටය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැති තරගාවලියකදී ජනප්‍රියම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේය. මව්බිමට ගෞරවයක් ගෙන දුන් මෙම තරුණ කලාකරුවා එලඹෙන 20 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිතය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |




