"මුතුරාජා" හස්තියා ලංකාව අතහැර ගුවනින් යන්නම යයි.(PHOTOS)
තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු "සක්සුරින්" හෙවත් "මුතුරාජා" හස්තියා අද (02) උදෑසන තායිලන්තය බලා රැගෙනයාමට නියමිතව තිබෙනවා.
ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ, මේ වනවිට හස්තියා කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් ඇති බවයි. පෙරවරු 07.30ට පමණ හස්තියා රැගත් යානය තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ.
තායිලන්තයේ සිට මෙරටට පැමිණි විශේෂ ගුවන්යානයක් මගින් එම හස්තියා යළි තායිලන්තය බලා රැගෙන යන බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ. එම ගමන සඳහා තායිලන්තයේ සිට මෙරටට පැමිණි පශු වෛද්‍යවරුන් තිදෙනෙකු, ඇත් ගොව්වෙකු සහ සහයකයින් දෙදෙනෙකු සහභාගී වේ.
මෙම ගුවන් ගමන සඳහා සකස්කළ විශේෂිත කූඩුව හුරු කරවීම සඳහා "මුතුරාජා" හස්තියා මාසයක පමණ කාලයක් පුහුණු කළ බව ද තිලක් ප්‍රේමකාන්ත මහතා කියා සිටියා.
2001 වසරේදී එම "සක්සුරීන්" නැමැති හස්තියා මෙරටට පරිත්‍යාගයක් ලෙස ලබා දීමට තායිලන්ත රජය පියවර ගෙන තිබුණි.
එහෙත් මෙම හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීම හේතුවෙන් යළි තායිලන්තයට රැගෙන යාම සඳහා එරට රජය ලංකාවෙන් ඉල්ලීමක් කර තිබුණා.
ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි මෙම හස්තිරාජයා අද තායිලන්තය බලා රැගෙන යන්නේ.

