බිරිඳ ඝාතනය කර ඇඳ යට සඟවලා

Police
By Thaya Apr 10, 2021 06:50 PM GMT
Thaya

Thaya

Report

පුත්තල ප්‍රදේශයේදී ඊයේ (09) දින පුද්ගල ඝාතනයක් සිදුව ඇති බව පොලිසිය පවසනවා. 29 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර ඇයගේ 35 හැවිරිදි ස්වාමි පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. දෙදෙනා අතර ඇති වූ ආරවුලක් අතර තුර පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව මෘත ශරීරය ගෝනිවලින් වසා නිවසේ ඇඳක් යට සඟවා තිබියදී අද (10) අලුයම් කාලයේදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (10) දිනයේදී සිදුකිරීමට නියමිත අතර අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පුත්තලම පොලිසිය විසින් සිදුකරණු ලබනවා.