අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් කවුද? ඔබ ඔහු ගැන මේ දේවල් දැනගෙන සිටියද?
ඊයේ (15) දිනයේ දී ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා ඝාතනයට ලක් වුණා.
මිය යන විට ඔහු First Capital Holdings PLC සහ එහි අනුබද්ධිත සමාගම්වල කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා.
ව්‍යාපාර තක්සේරු කිරීම්, ප්‍රතිව්‍යූහගත කිරීම් ඇතුළු ව්‍යාපාර පරාසයන් රැසක විශේෂඥයෙකු ලෙස සැලකෙන ඔහු මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 25කට අධික අත්දැකීම් බහුල අයෙකි.
දිනේෂ් ෂාෆ්ටර් මහතා එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ (CIMA) සාමාජිකයෙක් වන අතර ඔහු රංශයේ INSEAD වෙතින් නීතිවේදී උපාධිය (LL.B.) සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ MBA උපාධිය ලබා ගෙන ඇත.
එමෙන්ම ඔහු මීට පෙර Kelsey Developments PLC සහ Dunamis Capital PLC හි කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කර තිබෙනවා.
ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසද ඒ මහතා මෙරට පළමු පෙළ තරඟ ක්‍රීඩා කර ඇති අතර ඔහු Antonians Sports Club සහ Moors Sports Club යන ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් වමත් දඟ පන්දු යවන්නෙකු ලෙස පළමු පෙළ ක්‍රිකට් තරඟ 16කට සහභාවී වී තිබෙනවා.
මිය යන විට ඔහු දරනු ලැබූ සමාගම් තනතුරු,
? First Capital Treasuries PLC-Executive Director & Managing Director
? First Capital Holdings PLC-Executive Director & Managing Director
? Janashakthi Insurance PLC-Non-Independent Non-Executive Director
? Twid Capital (Pvt) Ltd.-Managing Director
? First Capital Trustee Services Pvt Ltd-Managing Director
? Thornton Engineering Pvt Ltd.-Director
? Pre-Fab Engineering Projects (Pvt) Ltd.-Managing Director & Director
? First Capital Asset Management Ltd.-Managing Director & Director
? Premier Synthetic Leather Manufacturers (Pvt) Ltd.-Director
? Kelsey Homes (Pvt) Ltd.-Managing Director & Director
? Next Ventures Ltd.-(Sri Lanka) Director
? Kelsey Property Developers (Pvt) Ltd.-Managing Director & Director
? The Montessori Workshop (Pvt) Ltd.-Director
? PVIC Management Co. Ltd.-Director
? First Capital Markets Ltd.-Managing Director & Director
? First Capital Ltd. -(Sri Lanka) Managing Director & Director
? KHL Corporate Services Ltd.-Director
? Janashakthi Ltd.-Executive Director
? The Chartered Institute of Management Accountants Associate Member
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
