අසල්වැසි ආරවුල විසදන්න ගිය කතක් ඝාතනය කෙරේ.(PHOTOS)
Police
Hatton
Attack
Women murder
By Aruna
පොලු පහරින් අවසන් ගමන් ගිය කාන්තාව
අවුරුදු 27ක පුද්ගලයෙකු අත්අඩංගුවට
වටවල පොලිස් වසමේ මවුන්ජින් වත්ත ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර පැවති පැරණි ආවුලක් දුරදිග ගොස්, බහින්බස් වීමක් ඇති වී තිබෙනවා.
පසුව එය සමථයකට පත් වී ඇති අතර එදිනම, නැවත සන්ධ්‍යා කාලයේ දී එක් පුද්ගලයෙකු බීමතින් පැමිණ යළි ආරවුලක් ඇති කරගෙන ඇති අතර, අදාළ පුදගලයා විසින් කාන්තාවකට පොල්ලකින් පහර දී ඇති බවයි වාර්තා වෙන්නේ.
පහර කෑ කාන්තාව වටවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබුණා.
මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 55ක මවුන්ජින් වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මෘත ශරීරය වටවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 27ක මවුන්ජින් වත්තේ පදිංචිකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්දයෙන් වටවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පැවැත්වෙනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |







