2025 ජනවාරි 01 සිට මේ දක්වා සිදු වූ අපරාද ගැන පොලිසියෙන් හෙළිදරව්වක්
2025 වර්ෂයේ ජනවාරි පළමු වන දින මේ දක්වා වෙඩිතබා ගැනීමේ සිදුවීම් 17ක් වාර්තා වන අතර එයින් සිදුවීම් 11ක් සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදු කරන ලද සිදුවීම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
මෙම වෙඩිතබා ගැනීමේ සිදුවීම් 17 පිළිබඳ පොලිසිය විමර්ශන සිදු කරන බවත් එම සෑම සිදුවීමකටම අදාළව සහයෝගය ලබා දුන් සියලු සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයන් 49 දෙනෙකු ඊයේ (24) වන විට අත්අඩංගුවට පත්ව ඇති බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.
මෙම වෙඩිතබා ගැනීමේ සිදුවීම් සඳහා භාවිත කරන ලද T56 ගිනි අවියක් සහ පිස්තෝල ගිනිඅවි 2ක් මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ T56 ගිනි අවි 4ක්,පිස්තෝල ගිනිඅවි 4ක් ද පොලිස් භාරයට ගෙන අධිකරණය වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බව ප්‍රකාශ කර සිටියි.
එසේම මෙම අපරාද සඳහා භාවිත කරන ලද යතුරුපැදි 5ක්, මෝටර් රථ 2ක් සහ වෑන් රථයක්, ත්‍රීරෝද රථ 2ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් ඔහු සඳහන් කරයි.
