වියළි කාලගුණය ජනතාවට කළ හදිය

Kalutara Ratnapura Sri Lanka Weather
By Gagana News Feb 25, 2025 09:24 AM GMT
Gagana News

Gagana News

Report

දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් 7000කට අධික පිරිසක් පානීය ජල අර්බුදයෙන් පීඩාවට පත්ව ඇත.

කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පවුල් 2295කට අයත් පුද්ගලයින් 7258 දෙනෙකු මෙලෙස පානීය ජලය නොමැතිවීම හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේත් රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල, ඇහැලියගොඩ, කලවාන යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවත් මෙලෙස පානීය ජල අර්බුදයන්ට ලක්ව ඇති බව සදහන්ය.

අදාළ දිස්ත්‍රික්කවල පවතින වියළි කාලගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත් මහතා පැවසුවේ වියළිි කාළගුණයත් සමඟ කැළෑ ගිනි ගැනීමේ සිද්ධීන්ද වාර්තා වී ඇති බවය. දිස්ත්‍රික්ක 12ක කැළෑ ගිනි තැබීම් සිද්ධි 49ක් වාර්තා වෙලා තියෙනවා.

මේවා ජනතාව විසින් ඇති කරන ඒවායේ ප්‍රතිඵල. මේ හේතුව නිසා ශාක හා සත්ව කොටස්වලට දැඩි බළපෑම් එල්ල වෙලා තියෙනවා.

මෙම ගිනි තැබීම් සිදුකරන පුද්ගලයින් නීතියේ රැහැනට හසු කර ගන්න ඕනේ. ඒ සඳහා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා එවැනි ක්‍රියාකාරකම් සිදුකරන අය පිළිබඳව තොරතුරු ලබා දෙන්න කියලා.

පාසල් වසා තැබීමක් පිළිබද දැනුම් දීමක්...

පාසල් වසා තැබීමක් පිළිබද දැනුම් දීමක්...

පාසල් සිසුවියන්ට දීමනාවක්

පාසල් සිසුවියන්ට දීමනාවක්

ReeCha