ලස්සනම දවස නිමේෂයකින් අවලස්සන වුනු හැටි..

By Piyumika Oct 12, 2024 04:09 AM GMT
Report

විවාහ මංගල උත්සවයක දී දෙදෙනෙක් අතර ඇති වූ ආරවුලක් අතර තුර සිදුකළ පහරදීමකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාර්ගගත තාක්ෂණය ඔස්සේ ජනපති සිදු කළ විශේෂ සාකච්ඡාව..

මාර්ගගත තාක්ෂණය ඔස්සේ ජනපති සිදු කළ විශේෂ සාකච්ඡාව..

අඟුලාන, සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ ප්‍රජා ශාලාවේ ඊයේ (11) රාත්‍රියේ පැවති මංගල උත්සවයක දී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 52ක අඟුලාන ප්‍රදේශයේ පදිංචි අයෙක්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් ..

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් ..

අදාළ පුද්ගලයා මංගල උත්සවයේ DJ සංගීතයේ ශබ්දය අඩුකරන ලෙස පැවසූ අවස්ථාවක මෙම බහින්බස්වීම ඇතිව තිබෙනවා.

එහිදී තවත් පුද්ගලයෙක් ඔහුට කළ පහරදීමක දී මෙම ඝාතනය සිදුව ඇති අතර, පහරදුන් පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් අඟුලාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.