ප්‍රේම සම්බන්ධය මරණින් නිම වෙයි ! සමෘද්ධි නිලධාරියා අත් අඩංගුවට

Sri Lanka Police Death Murder Sinhala news
By Hashan May 11, 2025 07:11 AM GMT
Hashan

Hashan

Report

බලහත්කාරයෙන් නිවසට ඇතුළු වූ සැකකරුවෙකු හා  නිවෙස් හිම්යා සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් නිවසට ඇතුළු වූ සැකකරු මරණයට පත් වී තිබෙනවා.   

එලෙස මරණයට පත් වී ඇති පුද්ගලයා අද (11) පාන්දර බලහත්කාරයෙන් දොර කඩා දමා අදාළ නිවසට ඇතුල් වී තිබෙනවා. 

එහිදී ඇති වූ ආරවුල මත නිවසට පැමිණි සැකකරු නිවෙස් හිමියාට පොල්ලකින් පහරදීමට උත්සාහ කර තිබෙන අතර ආරවුල දුර දිග යාමෙන් නිවෙස් හිමියා විසින් සැකකරු හට මෝල්ගසකින් පහර දී තිබෙනවා.   

සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

පහර කෑ සැකකරු එම ස්ථානයේ ම මරණයට පත් වී ඇති බවයි පොලිසිය පවසන්නේ. පහර කෑමෙන් මරණයට පත්ව ඇත්තේ 28 හැවිරිදී රාජපක්ෂ මුදියන්සේලාගේ නිපුන් සංජුල නැමැති පුද්ගලයෙක්. 

අදාළ මරණය සිදු කළ පුද්ගලයා සමෘද්ධි සංවර්ධන නිලධාරියකු වන අතර ඔහු නිවස තුළ දීම පොලිසියට භාර වී තිබෙනවා. 

සැකකරුගේ දියණිය හා මරණකරු අතර පැවති ප්‍රේම සම්බන්ධයක් ආරවුලට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.   

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රිදීමාලියද්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. 

අම්ෂිකාට සාධාරණය ඉල්ලු ගුරුවරුන්ට දුරකථන තර්ජන (PHOTO)

අම්ෂිකාට සාධාරණය ඉල්ලු ගුරුවරුන්ට දුරකථන තර්ජන (PHOTO)

 

කොළඹ බලය මාලිමාවට යයි...

කොළඹ බලය මාලිමාවට යයි...

ReeCha