කෝ ආරක්ෂාව? බන්ධනාගාරේ ඇතුලෙම මිනීමරන්න සයිනයිඩ් ගෙනල්ලා
බන්ධනාගාර නිලධාරීන් විසින් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිදුකළ පරික්ෂාවේදී සයිනයිඩ් කුප්පියක් සොයාගෙන ඇත.
මෙම සයිනයිඩ් කුප්පිය "කුඩු සලිඳු" නම් මත්ද්‍රව්‍ය ජාවරම්කරුගේ ගෝලයකු වූ "තරිඳු මධුසංක" සතුව තිබී සොයාගත් බව බන්ධනාගාර නිලධාරීන් පවසයි.
එහිදී තවදුරටත් හෙළි වූයේ "කොමාන්ඩෝ කවිෂ්ක කුමාර" යන පුද්ගලයාව ඝාතනය කිරීමේ අරමුණින් මෙම සයිනයිඩ් කුප්පිය ගෙනවිත් ඇති බවයි.
බන්ධනාගාරය තුළට ගෙන ආ මෙම සයිනයිඩ්, පරීක්ෂා කිරීමට අදාළ පිරිස කටුස්සෙක් අල්ලා ඌට එන්නත් කර ඇති අතර, එම ස්ථානයේදීම කටුස්සා මියගොස් ඇත.