නාමල් රාජපක්ෂට යකා නගී - ඔයා කරපු දේ රටම දන්නවා මේ වගේ වැඩ කරන්නෙපා

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් අද (19) පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ රටේ අධිකරණ පද්ධතියට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.

රටේ අධිකරණ පද්ධතියට බලපෑමක් වන ආකාරයට අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන් පත් කිරීමට, මාරු කිරීමට දේශපාලන මැදිහත්වීම් සිදු නොකරන ලෙස ඔහු ඉල්ලා සිටියි.

මෙහිදී නාමල් රාජපක්ෂ චෝදනාවක්ද එල්ල කර ඇත.

"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි

"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි

ඒ පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ ඉදිරි පෙළ සිටින මන්ත්‍රීවරයකුට එරෙහිව ඇති නඩුවක නඩුකාර විනිසුරුවරුන්ව මාරු කිරීමට කටයුතු කර ඇති බවයි.

එය රටම දන්නා කරුණක් බවත් ඔහු පවසයි.

මිට අමතරව පොලිසිය හා හමුදාව දේශපාලනීකරණය කිරීමටද උත්සාහ කරන බව නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි.

සජිත් ප්‍රේමදාස පවුල් පිටින් ලංකාවෙන් ගිහින්

සජිත් ප්‍රේමදාස පවුල් පිටින් ලංකාවෙන් ගිහින්