අපිට රට හදන්න කියන අය පාලනයේ ඉද්දි රටට මොකක්ද කළේ? කනේ ඇගිලි ගහගන්න ඇමති දෙසයි
අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසන්නේ පසුගිය ආණ්ඩු සමයේ සිදුකල ආයෝජන පිළිබද නඩු අද උසාවිවල විවාද වෙන බවයි. රට ගොඩ නැගූ තරම කෙසේද යත්, පවුලේ සියලු දෙනාටම නඩු වැටී ඇති බව කියමින් උසුළු කිරීමක්ද ඔහු විසින් සිදු කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ, වත්මන් ආණ්ඩුවට රට හදන ලෙස ඔවුන් පවසන බවද, පාසැල්, මාර්ග සහ පාලම් හදන ලෙසට ප්‍රකාශ කරන බවද, නමුත් මෙතෙක් කල් බිලියන 30,000 ක් ණය ලබාගෙන ඔවුන් සිදු කළේ කුමක්දැයි යන්න ගැටලු සහගත බවයි.
තමන්ට රට මුල සිටම ගොඩ නැගීමට සිදු වී ඇති බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.