අම්ෂිකාට සාධාරණය ඉල්ලු ගුරුවරුන්ට දුරකථන තර්ජන (PHOTO)(VIDEO)
පසුගිය දිනයේදී කොටහේන ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැගිල්ලකින් පැන මියගිය අම්ෂිකා සිසුවියට සාධාරණයක් ඉල්ලා ජනතාව උද්ඝෝෂණයේ නිරත වේ.
එලෙස උද්ඝෝෂණය කරන ජනතාවට විශේෂයෙන් ශ්‍රී ලංකා ගුරු සංගමය නියෝජනය කරමින් උද්ඝෝෂණයේ යෙදෙන ගුරුවරුන්ට දුරකථනය මගින් විවිධ ආකාරයේ තර්ජන එල්ල වන බව වාර්තා වෙයි.
ගුරුවරුන් වැඩි දුරටත් සදහන් කරන්නේ මෙම පිරිස කණ්ඩායම් වශයෙන් සංවිධානය වී මෙම ක්‍රියාවේ යෙදෙන බවයි.
වැඩිදුරටත් ඔවුන් පවසා සිටින්නේ මෙය ගුරුවරුන්ගේ පෞද්ගලිකත්වයට මෙන්ම පෞද්ගලික ජිවිතයට හානියක් ගෙන දෙන බවයි.
තවද ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙලෙස විදුහල්පතිවරුන්ට,ගුරුවරුන්ට හා සිසුන්ට කිසියම් හෝ බලපෑමක් ඇති වුවහොත් එකා මෙන් එක්ව ඊට විරුද්ධව හඩ නගන බවයි.