අසල්වැසියන් අතරේ බහින්බස් වීම දුරදිග ගිහින් කඩු මුගුරු වලිනුත් ගහගෙන..

By Piyumika Sep 16, 2024 06:18 AM GMT
Report

වඳුරව ප්‍රදේශයේ අසල්වැසි නිවැසියන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් පසු එක් පුද්ගලයකු බරපතල තුවාල සහිතව මියගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.

මුදල් ඔට්ටුවට වැඩ දාන්න ගිය 12කට අවසානේ වැඩ පෙන්නන්න වුණ තැන..

මුදල් ඔට්ටුවට වැඩ දාන්න ගිය 12කට අවසානේ වැඩ පෙන්නන්න වුණ තැන..

මියගොස් ඇත්තේ වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ පදිංචිව සිටි ලලිත් කුමාර නමැති දෙදරු පියෙක් බව පොලිසිය සඳහන් කරයි.

පවුල් අරාවුලක් හේතු කරගෙන මෙම පුද්ගලයන් දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වී ඇතැයි ද එම අවස්ථාවේ කඩු පොලු සහිතව සිදුකෙරුණු පහර දීමකින් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා ඒ ස්ථානයේම මියගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත .

මේක නම් හොද දෙයක් නෙවේ ඖෂධ ඇණවුම් කිරීමේ ප්‍රමාදයක් ? ..

මේක නම් හොද දෙයක් නෙවේ ඖෂධ ඇණවුම් කිරීමේ ප්‍රමාදයක් ? ..

පුද්ගලයා තුවාල ලබා වැටී සිටිය දී සුව සැරිය ගිලන් රථ සේවය කැඳවා ඇතත් ඒ වන විට ඔහු මිය ගොස් සිටි බව හෙළි වී තිබේ . සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අවිවාහක තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විවිධ වැරදි වලට සම්බන්ධ පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කරයි .