මුදල් ඔට්ටුවට වැඩ දාන්න ගිය 12කට අවසානේ වැඩ පෙන්නන්න වුණ තැන..

By Piyumika Sep 16, 2024 05:43 AM GMT
Report

සමාජ මාධ්‍ය ජාලයේ ටික් ටොක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි රේස් පදමින් සිටි තරුණයන් 12 කු යතුරුපැදි 18 ක් සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පැවසීය.

මතට ඇබ්බැහි වූ කාන්තාවන්ට කරන්න යන අලුත්ම දේ බලන්න...

මතට ඇබ්බැහි වූ කාන්තාවන්ට කරන්න යන අලුත්ම දේ බලන්න...

වැටලීමත් සමඟ තරුණයන් හය දෙනෙකු යතුරු පැදී දමා පලා ගිය බව පොලිසිය සඳහන් කරයි.

අධිවේගී මාර්ගයේ රාත්‍රී ජංගම සංචාරයේදී පොලිසියට හම්බ උන කෙනා බලන්නකෝ ..

අධිවේගී මාර්ගයේ රාත්‍රී ජංගම සංචාරයේදී පොලිසියට හම්බ උන කෙනා බලන්නකෝ ..

සවස් යාමේ සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් ත්‍රී රෝද රථ සහ යතුරුපැදි විශාල ප්‍රමාණයක් පැමිණ මාර්ගයේ ඒ මේ අත විශාල ශබ්ද නගමින් තරඟයට ධාවනය කරන බවට 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය හරහා සහ පිළියන්දල පොලිසිය වෙත නිරන්තරයෙන් ලද දුරකථන ඇමතුම් මත පොලිස් නිලධාරීන් දස දෙනෙකුගෙන් යුත් පිරිසක් එහි ගොස් මෙම තරුණයන් පිරිස අත්අඩංගුවට ගත් බවයි  පොලිසිය සදහන් කරනුයේ.