බිරිදව මරා නෑනාටත් තුවාල සිදු කල පවුල් ආරවුල..

By Piyumika Sep 15, 2024 02:20 AM GMT
Report

වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ නිවසක පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ස්වාමී පුරුෂයා විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහරදීමෙන් කාන්තාව මිය ගොස් ඇති බව පොලිසිය පැවසීය.

ඊයේ (14) පස්වරුවේදි කාන්තාවකට සැමියා විසින් පහරදෙන බවට වාද්දුව පොලිසියට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරින් එම ස්ථානයට ගොස් තිබේ.

ඥානසාර හිමි බලෙන් අල්ලාගත් සුපිරි නිවස අයිතිකාරියට දෙන්නැයි නියෝගයක්..

ඥානසාර හිමි බලෙන් අල්ලාගත් සුපිරි නිවස අයිතිකාරියට දෙන්නැයි නියෝගයක්..

පොලිසිය විසින් එම ස්ථානයට ගොස් සිදු කල පරික්ෂා කිරීමේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කාන්තාවක් ඝාතනය වී ඇති බවට නිරික්ෂණය වී ඇති අතර තවත් කාන්තාවක් තුවාල ලබා සිටියදී කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇත.

මිය ගිය කාන්තාව වයස අවුරුදු 23 ක් වු ගොරකගහවත්ත, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පවුල් ආරවුලක් දුර දිග යාම හේතුවෙන් සැකකාර සැමියා විසින් මරණකාරියට තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවයි  මියගිය කාන්තාවගේ සහෝදරිය පොලිස් විමර්ශනවලදි පවසා ඇත්තේ.

පිය සහ සහෝදරයන් දෙදෙනා අතින් තැළුණු මල් කැකුල..

පිය සහ සහෝදරයන් දෙදෙනා අතින් තැළුණු මල් කැකුල..

මෙම සහෝදරියද  එම අවස්ථාවේදී එහි සිට ඇති අතර ඇයට ද තුවාල සිදුව ඇත.

ඝාතනය සිදු කල සැකකරු මේ වන විට වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වාද්දුව පොලිසිය විසින් සිදු කරනු ලබයි.