පිය සහ සහෝදරයන් දෙදෙනා අතින් තැළුණු මල් කැකුල..

Report

කුඩා දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් එම දැරියගේ පියා සහ සහෝදරයින් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පැවසීය.

වැලිගම පොලිස් වසමේ පදිංචි වයස අවුරුදු 12ක දැරියක් මෙලෙස සමූහ දූෂණයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේක නම් එච්චර හොඳ ආරංචියක් නෙවෙයි..

මේක නම් එච්චර හොඳ ආරංචියක් නෙවෙයි..

මීට වසර දෙකකට පෙර දැරියගේ පියා විසින් ඇයව දූෂණය කර ඇති බවට කරුණු අකවරණය වී ඇති අතර,පසුව ඇයගේ සහෝදරයන් දෙදෙනා විසින් ද දෙමව්පියන් නිවසේ නොමැති අවස්ථාවන්වල දී දැරියව දූෂණයට ලකර ඇති බවට අනාවරණය වී තිබේ.

පියා සහ සහෝදරයින් දෙදෙනා විසින් දැරියව දූෂණය කිරීමෙන් පසු දැරියට සිදුකළ තර්ජන හේතුවෙන් එම සිද්ධිය සම්බන්ධයෙන් ඇය මවට හෝ වෙනත් අයෙකුට පවසා නොමැති බවයි වාර්තා වි ඇත්තේ.

ඥානසාර හිමි බලෙන් අල්ලාගත් සුපිරි නිවස අයිතිකාරියට දෙන්නැයි නියෝගයක්..

ඥානසාර හිමි බලෙන් අල්ලාගත් සුපිරි නිවස අයිතිකාරියට දෙන්නැයි නියෝගයක්..

මෙම දැරියගේ ලොකු තාත්තා දැරියගේ නිවසට පැමිණ ඇයට ලිංගික අතවරයට ලක්කර ඇති අවස්ථාවක ඒ සම්බන්ධයෙන් දැරිය මවට පවසා ඇති  බවද පැවසේ.කෙසේ වෙතත් දැරියගේ වැඩිමහල් සහෝදරයෙකුට රැකියාවක් සම්බන්ධයෙන් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් පසුගිය දා නිවසට පැමිණ තොරතුරු පරීක්ෂා කර තිබේ.එහිදී මෙම දැරිය තමාට සිදුවූ කරදර හිරිහැර සම්බන්ධයෙන් එම නිලධාරියා දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් එම නිලධාරියා වැලිගම පොලිසිය වෙත පවසා ඇති බව සඳහන්.

හදිසියේම මාධ්‍ය නාලිකාවට සම්බාධක..

හදිසියේම මාධ්‍ය නාලිකාවට සම්බාධක..

එම තොරතුර මත සැකකාර 47 හැවිරිදි පියා අවුරුදු 18,15 යන වයස්වල පසුවන සහෝදරයින් දෙදෙනා මෙලෙස ඊයේ (13) දින අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත.

දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසියේ ළමා කාන්තා කාර්යාංශය මඟින් පරීක්ෂණ මෙහෙයවයි.