බිරිඳ ගේ හිරමන ප්‍රහාරයෙන් සැමියා මිය යයි..
යාපනය පුම්බුහාර් ප්‍රදේශයේ නිවසක අඹුසැමි ආරවුකදී සැමියා ඝාතනය කලේ යැයි සැක පිට බිරිඳ ඊයේ (19) දින අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.
පුම්බුහාර් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තුරෙයිරාජා සෙල්වකුමාර් නැමත්තා මෙලෙස ඝාතනය වී ඇති අතර ඔහු සහ ඔහුගේ බිරිඳ අතර වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසුව බිරිඳ විසින් මුලුතැන්ගෙයි තිබූ හිරමනයකින් සිදුකල පහරදීමකින් සැමියා මෙලෙස මිය ගොස් ඇති බවට පොලීසිය සැක පල කර සිටියි.
සිද්ධිය වූ ස්ථානයට යාපනය මහෙස්ත්‍රාත් ඒ.පීටර්පෝල් මහතා ගොස් මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකල අතර අදාල ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරන ලෙසට පොලීසියට නියෝග කොට සිටියේය.
කෙසේ වෙතත් අදාල ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකල යාපනය පොලීසිය විසින් අදාල කාන්තාව සමග අනියම් සම්බන්ධතාවක් පැවත්වූ බවට සැකකෙරෙන පුද්ගලයෙකුද ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් බවට පොලීසිය වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |