මෙරට ප්‍රභල පුද්ගලයෙක් මරුට
කෑගල්ල උප නගරාධිපති ලලිත් ජයශාන්ත මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.
කොරෝනා වෛරසය අසාදනය වී පේරාදෙණිය මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ඒ මහතා ප්‍රථිකාර ලබමින් සිටියේය. ඒ අතරතුර අද (13) සවස ඒ මහතා මියගොස් ඇතැයි කෑගල්ල නගරාධිපති ජී. කේ. සමරසිංහ මහතා පැවසීය
එමෙන්ම,
මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව එම ධුරයෙන් පහකර තිබේ. මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සාහුල් හමීඩ් මොහොමඩ් මුජාහිර් මහතාව හෙට (14) දිනයේ සිට ක්‍රියාත්මක වනපරිදි එලෙස ධූරයෙන් පහකර ඇති බව වාර්තා වෙයි.
ඒ, උතුරු පළාත් ආණ්ඩුකාර මන්මතරාජා චාල්ස් මහත්මිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්ය. ඊට අමතරව ඔහුව ප්‍රාදේශීය සභාවේ සාමාජිකත්වයෙන් ද පහකර තිබේ.
මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එරෙහිව ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව එම තීරණය ගෙන ඇත. නිලබලය අනිසි ලෙස සහ වැරදි ලෙස භාවිත කිරීමේ චෝදනාව මත උතුරු පළාත් ආණ්ඩුකාරවරිය විසින් මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
--------------------------------------------