මේ ප්රදේශයේ වාහන පදවන රියදුරන්ට විශේෂ නිවේදනයක්
පවතින ධාරානිපාත වර්ෂාමයේ තත්ත්වයත් සමඟ කොළඹ - බදුල්ල ප්රධාන මාර්ගය අවදානම් සහගත තත්ත්වයකට පත්ව තිබේ.
ඒ අනුව මෙම ප්රධාන මාර්ගයට කළුපහන 171 කිලෝමීටර් කනුව අසලින් අද උදෑසන රොන් මඩ සහිත පස් කන්දක් කඩා වැටී තිබේ.
මෙම නිසා ගමනාගමනයට තරමක් බාධා එල්ල වී ඇති බවට හල්දුම්මුල්ල පොලිසිය සඳහන් කරයි. එමෙන්ම වර්ෂාමය තත්ත්වය වැඩිවන අවස්ථාවන්වලදී රොන්මඩ සහිත පස් තට්ටු මාර්ගය හරහා ගලා බසින බැවින් මේ හරහා ධාවනය කිරීමේදී රියදුරන් දැඩි අවධානයෙන් යුක්තව කටයුතු කළ යුතු බව පොලිසිය දන්වා සිටී.
එමෙන්ම මාර්ගයට ඉහළින් ඇති නායමඩිත්ත අව්කන ඇල නමැති වාරිමාර්ග ඇල පිටාර ගැලීම හේතුවෙන් මෙම අවදානම්කාරී තත්ත්වය මතුවී ඇති බැවින් මෙයට නිසි අවධානයක් බලධාරීන්ගෙන් යොමු නොවුණු බවට ප්රදේශවාසීහු චෝදනා කරති.