කතානායක නිලකාමරේ අස්සේ එක එක කුපාඩිකම් කරන්න බෑ - තොත්තු දෙන ඒවා කවන ඒවා කරගන්න තැන් තියෙනවා - චාමර යකා නටයි
අද දින (03) රැස්වූ පාර්ලිමේන්තුවේදී චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා විසින් නියෝජ්‍ය මහලේකම් චමින්ද කුමාර කුලරත්න මහතාව සේවයෙන් අත්හිටුවීම සම්බන්දයෙන් අතිශය දරුණු චෝදනා කිහිපයක් එල්ල කර ඇත.
එහිදී ඔහු පවසා සිටියේ,
"මේ ආණ්ඩුව අසූචි ගොඩවල් වලට පයින් ගැහුවම මැස්සෝ වහනවනේ ඒ වගේ නියෝජ්‍ය ලේකම් අයින් කර ගැනීම...කතානායක නිල කාමරේ කියන්නේ ඒකේ හැසිරෙන්න ඕනේ විදිහක් තියෙනවා..නිලධාරීන් යනවා ඉතින්..යනකොට එයා එක එක කුපාඩිකම් ඒක අස්සේ කරනකොට ඒවා බලන් ඉන්න බෑනේ නිලධාරීන්ට..ඒ ප්‍රශ්ණ මෙතෙන්ට ගෙන්ල්ලා මේ තොත්තු දෙන ඒවා කවන ඒවා ඒවා කරගන්න ඕන තැන් තියෙනවා ඒවා කරගන්නැතුව මෙතන නිලධාරීයෙක් නිකන් යවලා මේවා වෙන්න ඕනේ ප්‍රශ්ණ නෙමෙයිනේ" ලෙසයි.
චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාට අමතරව විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතාද පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රා කිරිඇල්ල මහත්මියද තමන්ගේ අදහස් හා විරෝධතා ඉදිරිපත් කර ඇත.