පාතාලය වගේ මන්ත්‍රීවරුන්...‘රැගුවොත් මරණවා’ පැරදුනු අපේක්‍ෂක

Sri Lanka Police Sri Lanka Sri Lanka Podujana Peramuna National People's Power - NPP Sinhala news
By Akash May 12, 2025 07:49 PM GMT
Akash

Akash

Report

පළාත් පාලන මැතිවරණයේ දී බියගම ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගය පක්ෂයෙන් තරග කර ජයග්‍රහණය කළ අයකුට මරණීය තර්ජනය කර පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණෙන් එම සභාවට තරග කළ පරාජිත අපේක්ෂකයකු සහ ඔහුගේ මිතුරන් බව කියන දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා බියගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

තවත් අනතුරක්.... හිටපු මන්ත්‍රී පුතෙකු මරුට...

තවත් අනතුරක්.... හිටපු මන්ත්‍රී පුතෙකු මරුට...

පහර කෑමට ලක් වූ තැනැත්තා කළ පැමිණිල්ලක් අනුව මෙම තිදෙනා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි බියගම පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

බියගම ප්‍රාදේශීය සභාවට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්ව සිටින අය වල්ගම කුරුඳුවත්තප්‍රදේශයේ නිවෙසක පින්කමකට සහභාගී වී ඉකුත් නමවැනිදා රාත්‍රී එකොළහයි තිහට පමණ නිවෙස් බලා එමින් සිටියදී මෙම පහරදීම වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මහනුවර, අලදෙනිය බස් අනතුරින් 29ක් රෝහලේ (VIDEO) (UPDATE)

මහනුවර, අලදෙනිය බස් අනතුරින් 29ක් රෝහලේ (VIDEO) (UPDATE)

වල්ගම ප්‍රදේශයේ රඟන්න ආවොත් මම උඹ මරනවා යැයි කියමින් පහර දී ඇතැයි පොලිසිය කියයි. බියගම පොලිසිය විමර්ශන පවත්වයි.