මන්ත්‍රීවරයෙකු තම මව සහ පියාට පහර දෙයි..මව දැඩිසත්කාර ඒකකයට.

Police Mathara Sri Lanka podujana peramuna Prasadmilinda
By Aruna Sep 20, 2021 04:06 AM GMT
Aruna

Aruna

Report

වැලිගම ප්‍රාදේශිය සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් වන ප්‍රසාද් මිලින්ද තම මවට හා පියාට පහරදීමක් සිදුකර තිබේ.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ මවුපියන් රෝහලේ ප්‍රතිකාර ලබන අතර මව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටී.

මෙම ආරවුල සිදුව ඇත්තේ කලක් තිස්සේ පවතින ඉඩම් ආරවුලක් මුල්කරගෙන වන අතර කුඹුරක් තම නමට ලියා නොදුන්නැයි පහරදීම සිදු කර තිබේ.

මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කරන ලද බව පොලිසිය තවදුරටත් කියා සිටියි.

මේ අතර නෝර්ටන්බ්‍රිජ්, ලොනැක්වත්ත ප්‍රදේශයේ වැවක දියනාමින් සිටියදී දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

ඊයේ (19) පස්වරුවේ දියේ ගිලී අතුරුදන් වූ එම පුද්ගලයින් දෙදෙනාගේ මළ සිරුරු යුද හමුදා භට පිරිස් විසින් අද (20) උදෑසන සොයාගත් බව අප වාර්තාකරු පැවසුවේය.

මියගොස් ඇත්තේ 24 සහ 35 හැවිරිදි වියේ පසුවන නෝර්ටන්බ්‍රිජ් සහ හලාවත යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

අදාළ පුද්ගලයින් ලොනැක්වත්ත ප්‍රදේශයේ ගොවිපලක සේවයේ යෙදි සිට දියනෑමට ගිය අවස්ථාවේ එම අනතුරට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now