කඳුකරයට රතු නිවේදන - වැස්ස සමඟ නායයෑම් අවදානම උච්ච වෙයි

Report

දිවයින පුරා පවතින අධික වර්ෂාපතනයත් සමඟ කඳුකර ප්‍රදේශවල, විශේෂයෙන් නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ, තද වැසි හේතුවෙන් නායයෑම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ භූමි චලනයන් ඇතිවීමේ අවදානම මේ වනවිට ඉහළ ගොස් ඇති බවය.

ඒ අනුව, නිවාස අවට කාණු පද්ධති පිරිසිදු කර වැසි ජලය ඉක්මනින් ගලායාමට පහසුකම් සලසන ලෙස ජනතාවට උපදෙස් ලබාදී තිබේ.

කොළඹ යට වෙයි - මේ පැතිවලට නම් අද යන්න හිතන්නවත් බෑ - රථවාහන ගමනාගමනයට බාධා

කොළඹ යට වෙයි - මේ පැතිවලට නම් අද යන්න හිතන්නවත් බෑ - රථවාහන ගමනාගමනයට බාධා

තවද, නිවසට ඉහළින් පිහිටි බර ගස් සහ අවදානම් සහිත වස්තූන් හැකි තරම් ඉවත් කර ගැනීම වැදගත් බවද එම සංවිධානය සඳහන් කරයි.

නිවාස පිටුපස ඇති උස් පස් කණ්ඩි හරහා වැසි ජලය ගලා නොයන පරිදි ආරක්ෂිත කාණු පද්ධති සකස් කර ගැනීම සහ වහලයෙන් වැටෙන ජලය නිසි ලෙස බැහැර කිරීමද අත්‍යවශ්‍ය බව අවධාරණය කර ඇත.

එමෙන්ම, නායයෑම් පූර්ව අනතුරු ලක්ෂණ පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින ලෙසත්, සැකසහිත තත්ත්වයන් දක්නට ලැබේ නම් වහාම ග්‍රාම නිලධාරීන් සහ අදාළ රාජ්‍ය ආයතන දැනුවත් කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ලංකාවේ කාලගුණය කළඹන අඩුපීඩන කලාපය ගැන කළ නවතම නිවේදනය මෙන්න - පීඩන කලාපය උතුරට යෑමෙන් රතු එළි රැසක්

ලංකාවේ කාලගුණය කළඹන අඩුපීඩන කලාපය ගැන කළ නවතම නිවේදනය මෙන්න - පීඩන කලාපය උතුරට යෑමෙන් රතු එළි රැසක්

හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත්, හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානයකට ඉවත් වීම, අවට ජනතාව දැනුවත් කිරීම සහ අදාළ බලධාරීන්ට වහාම තොරතුරු ලබාදීම ඉතා වැදගත් බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

තවද, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහආරගම උල්කන්ද ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බවට වාර්තා වෙනවා.

ලංකාවේ කාලගුණය කළඹන අඩුපීඩන කලාපය ගැන කළ නවතම නිවේදනය මෙන්න - පීඩන කලාපය උතුරට යෑමෙන් රතු එළි රැසක්

ලංකාවේ කාලගුණය කළඹන අඩුපීඩන කලාපය ගැන කළ නවතම නිවේදනය මෙන්න - පීඩන කලාපය උතුරට යෑමෙන් රතු එළි රැසක්

උල්කන්ද කඳු කොටසේ විශාල ප්‍රදේශයක් නාය ගොස් ඇති අතර, විශාල ගස්, පස් කඳු සහ ගල් කොටස් පහළට කඩාවැටී තිබේ. පවතින අධික වර්ෂාවත් සමඟ මෙම නායයෑම සිදුව ඇති බවට සැක පළ කෙරෙන අතර, ප්‍රදේශවාසීන් දැඩි අවධානයෙන් පසුවන බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයාබලා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ප්‍රකාශ කළේය. 

අද දවසේ සෞඛ්‍ය, සම්බන්ධතා, රැකියාවේ වගේම අයවැයෙත් සුභ අසුභ කියන දවසේ ලග්න පලාපල මෙන්න

අද දවසේ සෞඛ්‍ය, සම්බන්ධතා, රැකියාවේ වගේම අයවැයෙත් සුභ අසුභ කියන දවසේ ලග්න පලාපල මෙන්න