තත්ත්වය ඉතා අවදානම් - රෝගීන් ගණන 92,000 ඉක්මවයි
මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,011 දක්වාත්, ඩෙංගු රෝගය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 68 ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 96 ක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ. මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන්ගෙන් සියයට 52.96 ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එය වැඩිම ඩෙංගු අවදානමක් සහිත පළාත ලෙස සටහන් වේ.
ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 13,533 ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 8,274 ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 7,558 ක් වාර්තා වී ඇත.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, කොළඹින් රෝගීන් 18,245 ක්, මහනුවරින් 6,613 ක්, මාතරින් 6,036 ක්, කළුතරින් 5,951 ක්, ගාල්ලෙන් 5,039 ක් සහ රත්නපුරෙන් රෝගීන් 4,935 ක් ලෙස වාර්තා වේ.
මේ අතර, මෙම වසර තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,968 කි.