සෝමාවතිය රක්ෂිතයේ සතුන් දඩයම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට
සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අයත් ත්‍රිකෝණමඩුව ස්වභාවික රක්ෂිතයේ විල්ලුව ප්‍රදේශයේ නීති විරෝධී ලෙස සතුන් දඩයම් කරමින් සිටි පුද්ගලයින් අටදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සෝමාවතීය අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් සමත්ව තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබූ වේලන ලද මුව මස් කිලෝ 8 ක්, පිහි 2 ක්, විදුලි පන්දම්, වේලන ලද මාළු, අරක්කු ලීටරයක් සහ දඩයම් කිරීම සඳහා යොදාගත් තවත් උපකරණ කිහිපයක් ද නිලධාරීන් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් අටදෙනා වැලිකන්ද, කුඩාපොකුණ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 ත් 55 ත් අතර වයස්වල පසුවන්නන් බව සෝමාවතිය වන සත්ව අඩවි සහකාර එම්. බී. අමිත ශ්‍රී නාලක මහතා පැවසීය.
සෝමාවතීය අඩවි ආරක්ෂක ටී. ආර්. ප්‍රදීප්, වන සත්ව අඩවි සහකාර එම්. බී. අමිත ශ්‍රී නාලක සහ සිවිල් ආරක්ෂක නිලධාරී ඒ. එස්. විජේරත්න යන මහත්වරුන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.