ක්‍රිකට් ලෝකයම හෙල්ලෙයි - කැන්ගරු දේශයේදීම බංග්ලාදේශය ඕස්ට්‍රේලියාවට එරෙහි ඉතිහාසගත ජයක් වාර්තා කරයි [VIDEO]

Report

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 09කින් ජයගැනීමට සංචාරක බංගලාදේශ කණ්ඩායම අද (16) සමත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 198කි.

ඊට පිළිතුරු ලෙස බංගලාදේශ පිළ ලකුණු 426ක් ලබාගැනීමට සමත්විය. අනතුරුව බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 228ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 284ක් පමණය.

ඒ අනුව තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 57ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළහ. මෙය ඕස්ට්‍රේලියානු භූමියේදී බංග්ලාදේශය වාර්තා කළ පළමු ටෙස්ට් ජයග්‍රහණය වන අතර, ඔවුන්ගේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස මෙය සටහන් වේ.    

ඉන්දියාවේ ආධිපත්‍යයට ශ්‍රී ලංකාව දුන් අභියෝගය - ශ්‍රී ලංකා–ඉන්දියා ටෙස්ට් සටනේ සම්පූර්ණ ඉතිහාසය මෙන්න

ඉන්දියාවේ ආධිපත්‍යයට ශ්‍රී ලංකාව දුන් අභියෝගය - ශ්‍රී ලංකා–ඉන්දියා ටෙස්ට් සටනේ සම්පූර්ණ ඉතිහාසය මෙන්න

ශ්‍රී ලංකා - ඉන්දියා තරගයත් සමඟ ගාල්ල ක්‍රිකට් පිටිය හෙට ඓතිහාසික 50 වැනි ජාත්‍යන්තර කඩඉම පසුකරයි

ශ්‍රී ලංකා - ඉන්දියා තරගයත් සමඟ ගාල්ල ක්‍රිකට් පිටිය හෙට ඓතිහාසික 50 වැනි ජාත්‍යන්තර කඩඉම පසුකරයි