කොස්ගොඩ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය ගඟට දමා තිබියදී සොයා ගෙන
කොස්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය පොලීසියෙන් සොයාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලීසිය සඳහන් කළේ වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 6ක් පමණ දුරින් කොස්ගොඩ අතුරුවැල්ල පාලම අසල ගඟට පෙරළා දමා තිබිය දී අඳාළ යතුරුපැදිය සොයා ගත් බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු.වුට්ලර් මහතා විසින් අද (31) දින අලුයම 5.15ට පමණ කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කරුවන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ප්‍රකාශ කළා.
වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් වූයේ 23 හැවිරිදි තරුණයෙක් බව වාර්තා වේ.
එසේම මූලික විමර්ශනවලින් හෙළි වූයේ ටී 56 ගිනි අවියක් මෙම වෙඩි තැබීමට භාවිත කර ඇති බවටයි.
එසේම කොස්ගොඩ පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.
එසේම වාර්තා වන පරිදී මියගොස් ඇත්තේ කැස්බෑ මධ්‍යස්ථානයක හිමිකරුවෙක්ගේ පුත්‍රයා වන අරුත් මැන්ඩිස් යන තරුණයෙක්.
