බයික් එකක් ගන්න ඔබත් සිහින මවනවද?- මෙරට යතුරු පැදිවල අලුත් වන මිල පරාසයන් මෙන්න.
By Wayomi
ලබන වසරේ සිට මෙරට අලෙවි කරන යතුරු පැදිවල මිල අවම වශයෙන් රුපියල් ලක්ෂයකින් පමණ ඉහළ යාමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ, මෙතෙක් රථ වාහන සදහා අය නොකළ වැට් බද්ද නව සංශෝධනය හරහා යතුරුපැදි වලින් ද අය කිරීම නිසාවෙනි.

මේ අනුව 18%ක බද්දත් සමඟ මෙරට තුළ අඩුම මිලට ගත හැකි යතුරු පැදියක ද මිල රුපියල් ලක්ෂ 7ක් පමණ වනු ඇති බවයි යතුරු පැදි අලෙවි නියෝජිතයින් පවසන්නේ.