හොය හොය කන අලවල මෙහෙම තිබ්බොත් කන්න තියා හිතන්නවත් එපා

Report

අර්තාපල් එහෙම නැත්තම් හැමෝම කියන විදිහට අල කියන්නේ වැඩි දෙනෙක් කන්න කැමති කෑමක්නේ. කිරි දාලා තෙල් දලා එක එක විදිහට රස කරලා හදන අල ගැන විශේෂ දෙයක් තමයි අද මේ ලිපියෙන් කතා කරන්නේ.

සාමාන්‍යයෙන් අපි අල ගෙඩියක් ගත්තම සමහර වෙලාවට පැත්තක් කොළ පාට වෙලා තියෙන, එහෙම නැත්තම් කුඩා අංකුර ඇවිත් තියෙන අල ගෙඩි දැකලා තියෙනවානේ.ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි එවැනි අල පරිභෝජයනයට සුදුසුද කියන කාරණාව.

ඊට කළින් අපි බලමු අල මෙහෙම කොළ පාට වෙන හේතුව.

අර්තාපල් එහෙම නැත්තම් අල ගෙඩියක් කොළ පැහැයට හැරෙන්නේ ආලෝකයට නිරාවරණය වුණාම. උදාහරණයක් විදිහට කඩයක රාක්කයක හෝ කුස්සියේ තියලා තිබුණොත් ඒවායේ කොළ පැහැති වර්ණකය වන ක්ලෝරෝෆිල් නිපදවෙනවා. ක්ලෝරෝෆිල් කියන්නේ හානිකර දෙයක් නොවුනත් ඒත් එක්කම, ග්ලයිකෝඇල්කලොයිඩ් (විශේෂයෙන්ම සොලනයින් සහ චාකෝනයින්) කියලා හඳුන්වන විෂ සහිත සංයෝග ඇති වීමක් සිද්ධ වෙනවා.

හොය හොය කන අලවල මෙහෙම තිබ්බොත් කන්න තියා හිතන්නවත් එපා | Green Potatoes Why They Can Be Harmful

මේ කොළ පැහැති අර්තාපල් ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුත්තේ ඇයි?

ග්ලයිකෝඇල්කලොයිඩ් කියන්නේ කෘමි හානිවලින් අල ආරක්ෂා කරගන්න ස්වභාවිකව හැදෙන රසායනික ද්‍රව්‍යකට. සාමාන්‍යයෙන් මේවා ආරක්ෂිත මට්ටමකින් තිබුණත් අල කොළ පැහැයට හැරුණාම, පැල වුණාම හෝ හානි වුණාම, මේ මට්ටම වැඩි වීමට පුළුවන්.

ඒ වගේම තමා වැඩිපුර සොලනයින් අඩංගු අල ආහාරයට ගැනීමෙන් ඔක්කාරය,වමනය,බඩේ කැක්කුම සහ පාචනය,කරකැවිල්ල හෝ හිසරදය වැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්.

ඒවගෙම වැඩි ප්‍රමාණයක් ශරීරගත වුණොත් ස්නායු පද්ධතියටත් බලපාන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ළමයින්ගේ සිරුරේ ප්‍රමාණය අඩු නිසා ඔවුන්ට වැඩි අවදානමක් තියෙනවා කියලත් හොයා ගෙන තියෙනවා.

ඒවගේම ඔබ දැන ගත යුතු දෙයක් තමා ග්ලයිකෝඇල්කලොයිඩ් රත් කළාට විනාශ නොවන බව. ඒ නිසා තම්බන, බදින හෝ පුලුස්සන එකෙන් ඵලයක් නැහැ. ඊට අමතරව පොතු ඉවත් කිරීමෙන් සමහර විෂ ඉවත් කරගන්න පුළුවන්. මොකද, බොහෝ විෂ තිබෙන්නේ පොත්තට ආසන්නවයි. නමුත් අලයේ ඇතුළත මාංශය කොළ පාට නම් හෝ තිත්ත රසක් තියෙනවා නම්, ඒක කනවාට වඩා ඉවත දමන එක ආරක්ෂිත බව මතක තබා ගන්න.

හොය හොය කන අලවල මෙහෙම තිබ්බොත් කන්න තියා හිතන්නවත් එපා | Green Potatoes Why They Can Be Harmful

මේ තත්ත්වයෙන් ආරක්ෂා වීමට නම්,

- අල ගබඩා කරන විට. සිසිල්, අඳුරු සහ වියළි තැනක ගබඩා කරන්න

 - කොළ පැහැති හෝ පැල වී ඇති අල මිලදී ගැනීමෙන් වළකින්න.

- අලයේ ඉතාම පොඩි කොටසක් විතරක් (නොසලකා හරිය හැකි තරම්) කොළ පැහැති නම්, පොත්ත ඉවත් කරලා කන්න පුළුවන්. ඒත්, වැඩි කොටසක් කොළ පාට නම් හෝ තිත්ත රසක් තියෙනවා නම් එය ආහාරයට ගැනීමෙන් වළකින්න.

ඉතින් බොහෝ දුරට දවසට එක වේලක් හරි නැතුවම බැරි ආහාරයක්නේ අල කියන්නේ. ඒ නිසා අද ඉඳලම අල ගෙඩියක් පිසීමට පෙර සැමවිටම එය හොඳට පරීක්ෂා කිරීමට මතක තබා ගන්න.

හොය හොය කන අලවල මෙහෙම තිබ්බොත් කන්න තියා හිතන්නවත් එපා | Green Potatoes Why They Can Be Harmful

පාරිභෝගිකයෙක් විදිහට ඔබ අල මිලදී ගන්නා විට එවැනි කොළ පැහැති, කුඩා අංකුර සහිත අල ගැනීමෙන් වළකින්න.

සිහි තබා ගන්න රසට කන්න, නිරෝගීව ඉන්න ගන්න ආහාරයක් පවා ඔබේ නොසැලකිලිමත් බව සහ නොදැනුවත්බව නිසා ශරීරයට අහිතකර විය හැකි බව.

එක උණු වතුර කෝප්පෙකට මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා දන්නවා නම් හැමෝම උණු වතුරම බොයි

එක උණු වතුර කෝප්පෙකට මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා දන්නවා නම් හැමෝම උණු වතුරම බොයි