සියල්ල මැද පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා 96%ක්ම අයදුම් කරයි
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් වෙනුවෙන් අයදුම්පත් කැඳවීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කර තිබූ පරිදි 2026 අප්‍රේල් මස 04 වන දින මධ්‍යහ්න 12.00 ට අවසන් කර ඇත.
ඒ අනුව මෙවර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 453 දෙනෙකු අතුරින් 435 දෙනෙකු, එනම් මුළු පිරිසෙන් 96%ක් පත්වීම් වෙනුවෙන් සාර්ථකව අයදුම් කර ඇති බව වාර්තා වේ.
එබැවින් මෙම වෛද්‍ය නිලධාරීන් පත්වීම් සඳහා ඉල්ලුම් කර ඇති ආකාරය සහ ඔවුන්ගේ කුසලතා ලේඛනය (Merit List) පදනම් කර ගනිමින් නව රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමේ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව සඳහන්.
එමෙන්ම විනිවිදභාවයකින් යුත් විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ සිදු කෙරෙන අඳාළ අනුයුක්ත කිරීම් හරහා දිවයින පුරා පවතින වෛද්‍ය අවශ්‍යතාවයන් සපුරාලීමට අමාත්‍යාංශය අපේක්ෂා කරන බව පවසයි.
මේ අතර තෝරා ගන්නා ලද අයදුම්කරුවන්ගේ නාමලේඛනය, ඔවුන් අනුයුක්ත කරන ලද සේවා ස්ථාන, සේවයට වාර්තා කළ යුතු දිනය පිළිබඳ විස්තර සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ඉදිරියේදී කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.