මේ දුම්රිය මඟීන්ට සුබ ආරංචියක් - ලබන 19 ඉඳන් ගමනාගමනය නැවත ඇරඹෙයි
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එළැඹෙන 09 වැනි දින සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙන බව සඳහන්.
එසේම අද (04) දින සිට පෙරවරු 05.15ට ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරය බලා ධාවනය වන දුම්රියෙහි සහ පස්වරු 01.50ට කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියන් හි ආසන වෙන් කිරීමේ පහසුකම්ද මේ වන විට සලසා දී ඇත.