බන්ධනාගාර නිලධාරියකුගේ අත මන්නා පිහියකින් කපලා තිදෙනෙක් කරපු අපරාදේ.

Report

හික්කඩුව ප්‍රදේශයේදී බන්ධනාගාර නිලධාරියකුගේ අත මන්නා පිහියකින් කපා බරපතළ තුවාල සිදුකර යතුරුපැදියක් සොරකළ, මංකොල්ල සහ සොරකම් කරන ලද භාණ්ඩ සමඟ සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් වයස් 22, 33, 35 සහ 36 අතර වන අතර, පසුවන තිබ්බටුගොඩ, හොරණ, මොරගහහේන, බුලත්සිංහල ආදී ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බව පොලීසිය සඳහන් කරයි.

මේ පිරිස අතර මංකොල්ලකෑ භාණ්ඩ කොටස් කර විකිණීම සඳහා ඒවා මිලදී තබාගෙන සිටි පුද්ගලයෙකුද සිටියි. පොලීසිය විසින් සොයාගෙන ඇති මංකොල්ලකෑ සඳහා භාවිත වූ සුදු යකඩ මන්නා පිහිය සහ සොරකම් කරන ලද යතුරුපැදි තුනක්, ඒ අතර එක් යතුරුපැදියක් බුලත්සිංහල ප්‍රදේශයෙන් සොයාගැනී තිබේ.

රන්මිල හිතාගන්න බැරි තරම් ඉහළට - දින දෙකකින් රු,9000ක් පන්නයි

රන්මිල හිතාගන්න බැරි තරම් ඉහළට - දින දෙකකින් රු,9000ක් පන්නයි

තවත් සොරකම් කර තිබූ භාණ්ඩද පොලීසියේ භාරයට ගෙන ඇත.

රාත්‍රීයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම අපරාධ අනාවරණය විය. ඔවුන් හොරණ නවම් මහා පෙරහර දිනයේදී බන්ධනාගාර නිලධාරියකුගේ අත කපා තුවාල කර, යතුරුපැදියක් සොරකළ බවද පොලීසිය සඳහන් කරයි.

මෙම සැකකරුවන් විසින් එම යතුරුපැදියේ අංක තහඩු වෙනස් කර හේ⁣නේගම, කහතුඩුව, කුඹුක, ගෝනපල සහ හොරණ ප්‍රදේශවල යතුරුපැදි, දුරකථන සහ මුදල් මංකොල්ලකැරීම සිදු කර ඇත.

මේ ප්‍රදේශවලට පනවා තිබූ නායයෑම් රතු නිවේදන ඉවත් කරයි

මේ ප්‍රදේශවලට පනවා තිබූ නායයෑම් රතු නිවේදන ඉවත් කරයි

තිදෙනා මත්ද්‍රව්‍ය පානය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වූ බවද පොලීසිය සඳහන් කරයි. සැකකරුවන් අද (23) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, හොරණ මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.